බර අනුව බිත්තර විකුණන්න පාලන මිලක්.

අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි බර අනුව බිත්තර අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇති අතර ඊට අදාළ වන ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සුදු බිත්තර කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 880ක් ලෙස  ද දුඹුරු බිත්තර කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 920 ක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් .

Exit mobile version