අල්ලස් මුදලක් ලබා දෙන තුරු යතුරුපැදිකරුවෙකුගේ රියදුරු බලපත්‍රය සහ යතුරු පැදියේ බලපත්‍ර සන්තකයේ තබාගත් පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ අක්මීමන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
බීමත්ව රිය පැදවීම යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් 5000ක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙන බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.
එම මුදල ලබා දෙන තුරු දින ගණනාවක් මෙම සැරයන්වරයා විසින් යතුරු පැදියේ සහ එම පුද්ගලයාගේ ලියකියවිලි සන්තකයේ තබාගෙන සිටි බවට පොලිසිය අනාවරණය කර තිබේ.
