ග්‍රාමීය බැංකුවක කෝටි හතක රන් උස්සලා.

වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියට අයත් වයික්කාල , අංගම්පිටිය ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවට ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් එම බැංකුවේ තිබූ සේප්පුව කඩා ඒ තුළ තිබූ රුපියල් කෝටි 7 කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් සොරාගෙන පලා ගොස් ඇති බව වාර්තා වේ .

වෙන්නප්පුව මූලස්ථාන පොලීසිය පවසන්නේ බැංකුවේ ජනේලයේ ග්‍රීල් කපා ඒ තුළින් ඇතුළු වී සේප්පු කාමරයේ ඇති සේප්පුව යන්ත්‍ර ආධාරයෙන් කපා ඒ තුළ තිබූ රන් භාණ්ඩ සොරා ගෙන ගොස් ඇති බවයි.

එමෙන්ම එම බැංකුවේ සවි කර තිබූ CCTV කැමරාවලට සම්බන්ධ ඩී.වී.ආර්. යන්ත්‍රය ද සොරුන් විසින් ගලවා ගෙන ගොස් ඇති බව සඳහන් .

ඒ හේතුවෙන් එම බැංකුව අවට පිහිටි නිවාසවල ඇති CCTV කැමරාවල රූපරාමු පරීක්ෂා කර බලන බවත් , සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් වාර්තා වේ .

Exit mobile version