ප්‍රංශයෙන් ලාංකිකයින් හතක් පිටුවහල් කෙරේ .

ප්‍රංශයේ සරණාගතභාවය ලබා ගැනීමේ අරමුණින් නීති විරෝධී ලෙස රියූනියන් දූපත වෙත ගිය ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු පිටුවහල් කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව මොවුන් ඊයේ (18) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොලින් දිවයිනට පැමිණ තිබේ .

මෙම පුද්ගලයන් මඩකලපුව සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර රුපියල් ලක්ෂ හතර බැඟින් ජාවාරම්කරුවන්ට ලබා දී කටුනායක සිට ඉන්දුනිසියාව බලා ගොස් එතැන් සිට බෝට්ටු මඟින් රියූනියන් දූපත වෙත ගොස් තිබේ .

Exit mobile version