අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (21) දිනයේ පැය 15ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව අද (21) පස්වරු 05 සිට ඉරිදා පෙරවරු 08 දක්වා මෙම ජල කප්පාදුව සිදු කිරිමට නියමිතව තිබේ.
එමෙන්ම කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
