නිවසක් තුළ තුවක්කු උණ්ඩ කිහිපයක්.

පොල්පිටිය පොලිස් වසමට අයත් මොරහේනගම ප්‍රදේශයේ නිවසක තිබී තුවක්කු සඳහා භාවිතා කරන උණ්ඩ තුනක් සමඟ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

එම උණ්ඩ සොයා ගැනීමත් සමඟ සැකපිට අදාළ නිවසේ සිටි පුද්ගලයෙකු ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක බව වාර්තා වේ .

Exit mobile version