ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම , විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව , ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් එළඹෙන පාර්ලිමේන්තු සතියේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව වෙත කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලබන 25 වනදා අපනයන ණය රක්ෂණ සංස්ථාවත් , ලබන 26 වනදා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවත් , ලබන 27 වනදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමත්  , ලබන 28 වනදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් , මැයි 9 වන දින වෘත්තීය පුහුණු අධිකාරියත්   කෝප් කමිටුව වෙත කැදවීමට නියමිත බව සඳහන් .

Exit mobile version