ආයතන කිහිපයක් කෝප් කමිටුවට .

මෙම සතිය තුළ ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ .

ඒ අනුව අද (19) ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන් ද , හෙට (20) සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද , අනිද්දා (21) දිනයේ කොළඹ විශ්වවිද්‍යාලයේ නිලධාරීන් ද කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබේ .

එමෙන්ම පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ සතිය ඇතුළත රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත නැගෙනහිර පළාත් සභාවේ නිලධාරීන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද කැඳවීමට නියමිතව තිබෙන බවයි .

Exit mobile version