කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට වලල්ලාවිට සහ බුලත්සිංහල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඇති ප්‍රවේශ මාර්ග ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ විභාග රාජකාරීවල යෙදෙන කාර්‍ය මණ්ඩල ප්‍රවාහනය සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ප්‍රවාහන අපහසුතා මඟහරවා ගැනීම සඳහා නාවික හමුදාව එක්ව බෝට්ටු ප්‍රවාහන සේවා සැපයීම සහ අවශ්‍ය පියවරයන් ගෙන ඇති බවත් , යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වුවහොත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ 117 යන හදිසි දුරකථන අංකය වෙත දැනුම් දෙන මෙන් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සිසුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවත් සඳහන්.
