විශ්ව රූ රැජිණ තරගකාරිනියන්ට ලිංගික හිරිහැර.

විශ්ව රූ රැජිණ කිරුළ සඳහා ඉන්දුනීසියාවේ තරග වදින තරගකාරිනියන් කිහිප දෙනෙකු විසින් තමන් ලිංගික අපයෝජනයට ලක් වූවා යැයි පවසමින් පොලිසිය හමුවේ චෝදනා ගොනු කර තිබෙන බව වාර්තා වේ .

මෙහි අවසන් මහා තරගයේ දින දෙකකට පෙර ( අගෝස්තු 3 ) සංවිධායකවරුන් ශරීර පරීක්ෂා කිරීම සහ ඡායාරූප ලබා ගැනීම සඳහා ඔවුන්ගේ උඩුකය නිරුවත් කරන ලෙස ප්‍රකාශ කර ඇති බව සඳහන් .

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු ජකර්තා අගනුවර පොලිසිය විසින් සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

Exit mobile version