හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද (25) පෙරවරු 8.30 ට පමණ යළිත් ගොඩ ගත් බව වාර්තා වේ.
ෂාෆ්ටර්ගේ මරණයට හේතු වූ කරුණ සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩ ගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර එම ඉල්ලීමට අනුව අදාළ දේහය ගොඩ ගැනීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබුණි.
ඒ අනුව විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩගැනීම සිඳු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර තිබේ.
