රූගත කිරීමක් අතරතුරේ දී සිදු වූ අනතුරක් හේතුවෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සුළු ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර දර්ශන තලයක සිදුකළ රූගත කිරීමක් අතරතුරේදී ඔහු මෙම අනතුරට ලක්ව ඇති අතර එම අනතුරින් ඔහුගේ නාසයෙන් ලේ ගැලීමක් සිදුව තිබේ. එම අවස්ථාවේ දී ඔහුව ලොස්ඇන්ජලීස් නුවර රෝහලක් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර එහිදී ශාරුක් ඛාන්ව සුළු ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.එම ශල්‍යකර්මයෙන් අනතුරුව ඔහු විවේක ගැනීම සඳහා නැවතත් ඉන්දියාවට පැමිණ ඇති බව සඳහන් වේ.
