වැලිගමදී වෙඩිතැබීමක් – ඉලක්කය වරදී – අයෙක් රෝහලේ.

අද (29) සවස 6.20ට පමණ වැලිගම ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයකු විසින් පුද්ගලයකු ඉලක්කකර වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇති බව වාර්තාවේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කොට ඇති බවයි සදහන් වන්නේ.

තුවාල ලැබූ පුද්ගලයා මාර්ගයේ සිටියදී මෝටර් රථයකින් පැමිණි කිහිපදෙනකු විසින් වෙඩිතබා පලාගොස් තිබේ.

වෙඩි වැදුණු  පුද්ගලයා හොටෙල් හිමිකරුවකු වන අතර සැකකරනුයේ නදුන් චිතක හෙවත්  හරක් කටාගේ සමීපතමයකු මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවයි.

වැඩිදුර විමර්ශන පොලීසිය සිදුකරනු ලබයි.

Exit mobile version