ඊයේ (07) රාත්‍රියේ ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් බිරිඳට වෙඩිතබා ඝාතනය කර ඔහුද වෙඩිතබාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ .
ඊයේ (07) රාත්‍රී කාලයේදී නුවරඑළිය පොලිස් වසමේ ටොප්පාස් ප්‍රදේශයේ යුවළක් නිවස තුළ වෙඩි වැදී මියගොස් ඇති බවට නුවරඑළිය පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයේ දී මෙරට නිෂ්පාදිත ගිනිඅවියකින් සැමියා විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවට අනාවරණය වූ බව සඳහන් .
මරණකරු වයස අවුරුදු 28ක් වන අතර, මරණකාරිය වයස අවුරුදු 26ක් වන ටොප්පාස්, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් බව වාර්තා වේ .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු නුවරඑළිය පොලීසිය විසින් සිදු කරනු ලබයි .
