ඒකදන්තට වෙඩි .

ජාතික නාමල් උයන ආශ්‍රිතව සැරිසරණ තනි දළ ඇතා වෙඩි පහරවල්වලට ලක්ව තිබෙන බව වාර්තා වේ .

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක් ව ඇත්තේ කලාවැව ජාතික වනෝද්‍යානය නිජබිම කරගත් ‘ඒක දන්ත’ නම් ඇතායි.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් එම ඇතා සම්බන්ධයෙන් කර තිබූ දැනුම්දීමකට අනුව වයඹ වනජීවී කලාපයේ, නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් ඇතාට ප්‍රතිකාර කිරීමට කටයුතු කරමින් සිටින අතර ඇතාට එල්ලව ඇති වෙඩි පහරවල් රැසක් එම ඇතාගේ ශරීරය පුරා දක්නට ලැබෙන බව වනජීවී නිලධාරීන් සඳහන් කරන ලදී.

ඇතාගේ ඉදිරි වම් පාදයේ පහල කොටසේ ද වෙඩි සලකුණු කිහිපයක් දක්නට ලැබෙන බවත් , ඒවා බඳින තුවක්කු පත්තු වීමෙන් සිදුවන්නට ඇති බවත් වනජීවී නිලධාරින් සැකපල කරයි.

Exit mobile version