සංගීත ප්‍රසංගයක වෙඩි – දෙදෙනෙක් ජීවිතක්ෂයට.

ඇමෙරිකාවේ වොෂින්ටන් හිදී පැවැත්වුණු සංගීත සංදර්ශනයක් අතරතුරේ දී සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රසංගය පැවති උද්‍යානයට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති අතර ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්.

මෙලෙස වෙඩි තැබූ පුද්ගලයා වෙඩි තබා පලාගොස් ඇති අතර අනතුරුව ආරක්ෂක අංශ විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version