අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට වෙඩි.

බියගම, යටවත්ත පාර ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වේ .

ක්ෂණික මාර්ග බාධකයකදී අදාළ ත්‍රීරෝද රථය නතර කරන ලෙස පොලීසිය අණ කර තිබූ නමුත් , එය අණ නොතකා ධාවනය වීමත් සමඟ පසුපස හඹාගිය පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පසුව සැකකරුවන් ත්‍රීරෝද රථය දමා පළාගිය බව වාර්තා වේ .

අනතුරුව ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව සඳහන් .

Exit mobile version