කොස්ගෙඩියකට බිලිවූ සිඟිත්තිය.

ගාල්ල අංකොක්කාවල ප්‍රදේශයේ අවමඟුල් උත්සවයකට සහභාගී වී සිටි මවක් එහි ඇතුළත වූ තදබදය නිසා තම දරුවා හට කිරි දීමට අසල වූ කොස් ගසක් යටට ගොස් තිබේ. එම අවස්ථාවේදී කොස් ගසින් ගිලිහුණු ගෙඩියක් මවගේ උරහිසට වැටී ඇති අතර එහිදී මවගෙන් දරුවා ගිලිහි බිම පතිත වී තිබේ. එසේ බිම පතිත වූ දරුවා මතට කොස් ගෙඩිය වැටී ඇති අතර බිළිඳිය කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුද්දයි මාස එකක් පමණ වයසැති බිළිඳියකි.

Exit mobile version