ග්‍රාම නිලධාරීන්ගේ බලතල අලුත් වන ලකුණු .

අලුත් වනාන්තර ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු ග්‍රාම නිලධාරීවරුන්ටත් වන නිලධාරීන් ලෙස ක්‍රියා කිරීමට බලතල සහ කාර්යයන් පවරන බව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වන සංරක්ෂණ ආඥා පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ නව වන ප්‍රතිපත්තිය හඳුන්වා දුන් පසුව අදාළ සංකල්ප ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පියවර ගන්නා බවත් , දැව සංස්ථා නිලධාරීන්ට මෙන්ම දිසාපතිවරුන්ට , ප්‍රාදේශීය ලේකම්වරුන්ට , ඉඩම් නිලධාරීන්ට , ජනපද නිලධාරීන්ටත් වන නිලධාරීන්ගේ බලතල පවරන බවත් ය.

Exit mobile version