සයිනොපෙක් සමාගම අද (01) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙන බව වාර්තා වේ .
නමුත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල නොවෙනස්ව පවතින අතර එහි ලීටරයක මිල රුපියල් 358කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය ක මිල රුපියල් 6කින් වැඩිකර ඇති අතර එහි නව මිල රුපියල් 420කි.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 348 දක්වා රුපියල් 10කින්ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 61කින් රුපියල් 417 දක්වා ද වැඩිකර තිබේ.
