බංගම පොලිස් වසමේ දෙදියගල ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
පවුල් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ තුවාල ලැබු කාන්තාවගේ සහෝදරියගේ සැමියා විසින් බව සඳහන්.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ 25 හැවිරිදි දෙදරු මව ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩිතැබීම සිදුකළ සැකකරු ගිනිඅවිය සමඟ අද (29) අලුයම අකුරැස්ස පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලේනම , අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.
සැකකරුව අද (29) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩි දුර විමර්ශන කටයුතු බංගම පොලීසිය විසින් සිදු කරනු ලබයි.
