සීතා ඇතින්නට වෙඩි තියලා තියෙන්නේ ජීව උණ්ඩ වලින්.

මහියංගනය රජමහා විහාරය අසලදී සීතා ඇතින්නට වෙඩි තබා ඇත්තේ ජීව උණ්ඩ භාවිත කරමින් බවට තහවුරු වී තිබෙන බව වාර්තා වේ .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැවසුවේ ඊයේ (03) දිනයේ සිදුකළ ස්කෑන් පරීක්ෂාවෙන් ඒ බව සනාථ වූ බවයි.

“ඇතින්නට ස්කෑන් පරීක්ෂණයක් කරලා තියෙනවා. එක්ස් රේ එකකුත් කරලා තියෙනවා. එක්ස් රේ මැෂින් එකට පුළුවන්කමක් තිබුණේ නෑ පපුව හරහා ගිහින් හොඳ එක්ස් රේ එකක් ලබාදෙන්න. නමුත් ස්කෑන් එකෙන් පෙන්වා තුවාල 7ක් තියෙනවා. ඒ තුවාලවල ජීව උණ්ඩ කියන ලෝහයකින් හදපු දෙයක් මේවායේ තියෙනවා කියලා. ඒකෙන් පැහැදිලියි අපිට මේ තියෙන්නේ ප්ලාසිටික් නෙමෙයි මේ තියෙන්නේ ලෝහ කෑලි කියලා. අපිට හොඳටම විශ්වාසයි මේ උණ්ඩ, ජීව උණ්ඩ කියලා. ඉවත් කළ යුතුයි නමුත් අපි තාම තීරණයක් අරන් නෑ.”

Exit mobile version