නිදන් හෑරූ හයක් දැලේ.

පොල්පිටිය පොලිස් වසමට අයත් රඹුක්කන්ඔය ලීකියනගෙදර ප්‍රදේශයේ නිධානයක් ගොඩගැනීමට පිරිසක් උත්සාහ කරන බවට පොල්පිටිය පොලිසියට ලද තොරතුරක් මත වැටලීමක් සිඳු කර සැකකරුවන් හය දෙනෙකු සමඟ උපකරණ රැසක් අද (22) අලුයම අත්අඩංගුවට ගත් බව හැටන් පොලිස් අධිකාරි දෙහිගම ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී යකඩ කූරු , ගෑස් උපකරණයක් , රසායනික ද්‍රව්‍ය ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 -35 ත් අතර පසුවන බිංගිරිය , අගුරුවැල්ල , කුරුණෑගල , නෝටන්බ්‍රිජ් යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

මොවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොල්පිටිය පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version