බ්‍රිතාන්‍ය අමාත්‍යවරුන්ට වට්ස්ඇප් සමාජ මාධ්‍ය සහ වෙනත් පුද්ගලික පණිවිඩ යැවීමේ යෙදුම් භාවිත කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවට වාර්තා වේ.
අමාත්‍යවරුන් සහ නිලධාරින් අදාල යෙදවුම් භාවිත කර පුද්ගලික පණිවුඩ මෙන්ම රාජ්‍ය කටයුතු සදහා එම යෙදුම් භාවිත කිරීමේදී අදාළ මාර්ගෝපදේශ පිළිපැදිය යුතුය.
එමෙන්ම කිසිවිටෙක “රහස්” ලෙස වර්ගීකරණය කරන ලද තොරතුරු එම යෙදවුම් හරහා යැවීම සදහා භාවිතා නොකළ යුතු බවට නිකුත්කළ මාර්ගෝපදේශවල දැක්වෙයි.
