මධ්‍යම පළාතේ ඇතැම් ගුරුවරුන්ට අවුරුදු තුන හතරකින් වැටුප් ගෙවා නෑ. – නිමල් පියතිස්ස.

මධ්‍යම පළාත තුළ 2015න් පසු ගුරු විදුහල්පති පුහුණුව ලබා පාසල්වල ස්ථිර සේවයට අනුයුක්ත වූ ගුරුවරුන් හට වසර තුන හතරකින් හිඟ වැටුප් ගෙවා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මේ පිළිබඳව විමසූ විට ගුරුවරුන්ගේ හිඟ වැටුප් ගෙවීමට කොළඹින් මුදල් එවා නොමැති බව සඳහන් කළ බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .

Exit mobile version