මාමාගේ වෙඩිල්ලෙන් බෑනා ජීවිතක්ෂයට .

ඊයේ (26) රාත්‍රියේ මින්නේරිය පොලිස් වසමේ රොටවැව, ගල්ලඔය ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර ඇති බව වාර්තා වේ .

විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මාමා විසින් බෑනාට මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවයි .

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මින්නේරිය රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණත් ඔහුව රෝහල වෙත ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව සදහන් .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇත්තේ 27 හැවිරිදි රොටවැව, ගල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩිතැබීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන බෙහෙත් කොටන තුවක්කුව ද සමඟ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (27) හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු මින්නේරිය පොලීසිය විසින් සිදු කරනු ලබයි .

Exit mobile version