නරුම පියාගේ පොරෝ පහරින් පුතු ජීවිතක්ෂයට .

මුදල් ආරවුලක් මත පියාගේ පොරෝ පහරකට ලක්වූ පුතෙකු බරපතල තුවාල ලබා කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ .

පුත්‍රයාගේ යතුරු පැදිය මුදාගැනීමට මුදල් අවශ්‍ය බව පැවසූ අවස්ථාවේදී ඇති වූ වචන හුවමාරුව දුරදිග යෑමෙන්පසු මෙම පහරදීම සිදුව ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ .

මියගිය තරුණයාගේ මව විදේශගතව සිටින බවද වැඩිදුරටත් සදහන් වේ.

පහර දීම සිදුකළ 40 හැවිරිදි පියා පන්සියගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පුත්‍රයාගේ යතුරු පැදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 23 හැවිරිදි මාඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Exit mobile version