සොනික් සොනික් එළියට – ඔහුගෙන් ප්‍රශ්න කරන්න එපා – දුරකථන ඇමතුමක් – පාස්කු ප්‍රහාරය පිළිබඳ තවත් අනාවරණයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අන්දෝලනාත්මකව කතා බහට ලක්වන සොනික් සොනික් නැමැත්තා එවකට රාජ්‍ය බුද්ධි අංශයේ මුස්ලිම් අංශය භාරව සිටි පොලිස් පරීක්ෂක සෙනරත් බණ්ඩාර මහතා බවත් , එම නිලධාරියා සහ සහරාන්ගේ කණ්ඩායම අතර සමීප සම්බන්ධතා පැවති බවත් ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා සඳහන් කරයි.

දැනට ජිනීවා හි රැඳී සිටින ඔහු අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මෙම කරුණු අනාවරණය කර තිබේ .

එක් අවස්ථාවකදී සොනික් සොනික් නම් අන්වර්ථ නාමයෙන් පෙනී සිටි පොලිස් පරීක්ෂක සෙනරත් බණ්ඩාර මහතාගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට එවකට පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ මෙහෙය වූ ශානි අබේසේකර මහතා ඇතුළු විමර්ශකයින් උත්සාහ කළ අවස්ථාවේ එවකට රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්තව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ශානි අබේසේකර මහතාට දුරකථන ඇමතුමක් ලබා දී අදාළ ප්‍රශ්න කිරීම් නවතා දමන ලෙස නියෝග කළ බවද ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා මෙහිදී නම් සහ තනතුරු සහිතව අනාවරණය කර තිබේ.

වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් ,

Exit mobile version