ගුරු පුරප්පාඩු පිළිබඳ විශේෂ තීරණයක්.

උපාධිධාරී ගුරුසේවයේ පුරප්පාඩු පිරවීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව ගුරු සේවයේ විශ්‍රාම ගිය සහ සේවය හැරගිය පිරිස් හේතුවෙන් ඇති වී ඇති පුරප්පාඩු පිරවීමට අදාළ කැබිනට් පත්‍රිකාව මඟින් පළාත් සභා සඳහා බලය ලබාදෙන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නිකුත් කළ බව සදහන්.

ඒ අනුව ගණිත, විද්‍යා සහ තාක්ෂණ ගුරුවරුන් 5,400ක් බඳවා ගැනීමට මේ වනවිටත් පළාත් සභා සඳහා අවස්ථාව දී ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

එසේම ගුරු පුරප්පාඩු 32,000ක් පමණ ඇති බවත් එම පුරප්පාඩු පිරවීමට විවිධ බාධක මතු ව ඇති බවත් ඔහු සඳහන් කරයි.

Exit mobile version