මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දවස් 45ක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බවට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
2023 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වුණි.
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
