මෙවර පොසොන් පොහොය නිමිති කොට ගෙන අනුරාධපුරයේ යාමට බලාපොරොත්තු වන බැතිමතුන්ගේ පහසුව තකා විශේෂ දුම්රිය සේවාවක් ලබන දෙවනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව දුම්රිය ගමනාගමන අධිකාරී එන්.ජේ.ඉදිපොළ ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව ගාල්ලේ සිට අනුරාධපුරය දක්වාත් , කොළඹ සිට අනුරාධපුරය දක්වාත් , බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වාත් අමතර දුම්රිය සේවා යෙදවීමට කටයුතු කර ඇති බව සඳහන්.
