ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ගැටුම අද.

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (05) පස්වරු 3.00 ට ලාහෝර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.

B කාණ්ඩයෙන් සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තෝරා ගැනීමට සිදුවන්නේ අද ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය මත වන අතර එම තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබන අතර යම් හෙයකින් එම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය මත තීරණය කිරීමට සිදුවේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ලකුණු ලබාගැනීමේ වේගය ධන 0.951ක් ලෙස සටහන්වන අතර ඇෆ්ගනිස්තානයේ ලකුණු ලබාගැනීමේ වේගය  සෘණ 1.780ක් ලෙස සටහන්ව ඇති බව සඳහන්.

ඒ අනුව සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට දැනට වැඩිවාසි හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

Exit mobile version