ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව මහ භාණ්ඩාගාරයෙන් අනුමැතියන් නැතිව සංස්ථා සේවකයන්ට දිරි දීමනා ගෙවලා.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව භාණ්ඩාගාර අනුමැතියක් නැනිව කෝටි 54ක දිරි දීමනා ගෙවලා – විගණනය කියයි.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් ඉකුත් වසර 7ක කාලය තුළදී මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව දිරි දීමනා වශයෙන් සංස්ථාවේ සේවකයින් සදහා රුපියල් පනශතර කෝටි,හැට එක් ලක්ෂ , හතලිස් එක් දහස් , පන්සිය දාහතරක මුදලක් ( 546,141,514) ගෙවා ඇති බව ජාතික විගණන කාර්‍යාලය පවසයි.

2021 වර්ෂය තුළ දී සංස්ථාවේ සේවකයින් සදහා නිෂ්පාදිත දිරිදීමනා වශයෙන් , පන්කෝටි , විසිහත් ලක්ෂ , අසූ එක්දහස් , අටසිය , අසූ එකක මුදලක් ද (52,781,881) පැමිණීමේ දීමනා වශයෙන් පනස්නම ලක්ෂ , අසූ හත්දහසක (5,987,000) මුදලක් සහ ඵලදායිතා දීමනා වශයෙන් රුපියල් එක්කෝටි , විසිතුන් ලක්ෂ , අනූ දෙදහස් , හත්සිය පනහක මුදලක් (12,392,750) ගෙවා තිබූ බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

2021 වර්ෂය තුළදී දිරිදීමනා වශයෙන් ගෙවා ඇති සම්පූර්ණ මුදල රුපියල් හත්කෝටි , එකොළොස් ලක්ෂ , හැටැක් දහස් , හයසිය තිස් එකකි. (71,161,631)

2020 වර්ෂයට සාපෙක්ෂව 2021 වර්ෂයේ දී ගෙවා ඇති නිෂ්පාදන දිරිදීමනා මුදල සියයට 57කින් වැඩිවී තිබූ බව සදහන් කරන ජාතික විගණන කාර්‍යාලය නිෂ්පාදන පිරිවැය ඉහළ යන අවස්ථාවලදී සංස්ථාවේ ලාභදායිත්වය අඩු වුවද ගෙවන නිෂ්පාදන දිරිදීමනාව වැඩි කිරීමට සිදු වී තිබුණි.

විධිමත් අනුමැතිය ලබාගත් දිරිදීමනා යෝජනා ක්‍රමයක් මත පමණක් දිරි දීමනා ගෙවිය යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.

කෙසේ වුවද ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් විගණනයට සදහන් කොට ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගෙන දිරිදීමනා ගෙවා ඇති බවය .

 ( ලංකා සර )

Exit mobile version