2023 ආසියානු කුසලානයේ සුපිරි සිව් දෙනාගේ වටයේ දෙවැනි තරගය අද (09) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන තරගයට වර්ෂාව නිසා බාධා ඇති වීම පිළිබඳව ද විවිධ අනාවැකි පළ වී ඇති නමුත් , කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (08) නිවේදනය කළ පරිදි කඩින් කඩ වැසි ඇති වුණ ද කොළඹ දිස්ත්‍රික්කයට තද වැසි ඇති වීමේ අවදානමක් වාර්තා වී නොමැත.
