ශ්‍රී ලංකා රේගුව ගිවිසුමකට අත්සන් තබයි.

ශ්‍රී ලංකා රේගුව ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය අතර රේගු කරුණු සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට පර්ත් නුවරදී අත්සන් තැබූ බවට වාර්තා වේ.

මෙම ගිවිසුමට ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස් සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ කොමසාරිස් මයිකල් ඕට්‍රම් යන මහත්වරු අත්සන් තැබූ බව සදහන්.

මෙම ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රේගු කරුණුවලට අදාළව සහයෝගිතාවය සහ අන්‍යෝන්‍ය සහය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවට ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version