ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිසමේ 25 වන සැසිවාරය විදේශ කටයුතු අමාත්‍යාංශයේදී හෙට (09) පැවැත්වෙන බව වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන සහ යුරෝපා සංගමයේ යුරෝපීය විදේශ ක්‍රියාකාරී සේවයේ ආසියා සහ පැසිෆික් කලාපීය නියෝජ්‍ය කළමණාකාරණ අධ්‍යක්ෂ පාඹලා පැම්පලොනි මෙම සැසිවාරයේ සම සභාපති ධූරය හොබවන බව සඳහන්.
එමෙන්ම ඉදිරි වසර 10 සඳහා බලපැවැත්වෙන පරිදි සම්මත කිරීමට නියමිත ජී.එස්.පී.ප්ලස් සහන ලබා ගැනීම සම්බන්ධයෙන් වූ නීති පිළිබඳව යුරෝපා සංගම් නියෝජිතයින් විසින් කරුණු පැහැදිලි කිරීමට නියමිතව තිබේ.
