ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය වසා ප්‍රධාන ගේට්ටුව ද වසා දමා ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (05) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බවයි. ඒ අනුව දයාසිරි ජයසේකර මහතා පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කර ඇති අතර, ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව සඳහන්.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.