ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර උත්සවය අද (03) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ නිදහස් පක්ෂ සංවත්සර උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
‘එක්වෙමු – වෙනසකට සැරසෙමු’ යන්න මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තේමාව බව වාර්තා වේ .
1951 වර්ෂයේ සැප්තැම්බර් 02 වන දින එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවනු ලැබීය.
