ගත වූ මාසයක කාලය තුළ වයස අවුරුදු 15ට අඩු දැරියන් 168ක් දූෂණය ට ලක් වී ඇති බවත් දැරියන් 22ක් ගැබ්ගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරියගේ අවධානය යොමු කළ යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.
ඊට පිළිතුරු ලබා දෙමින් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සඳහන් කළේ ගැබ්ගත් දැරියන් සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එසේම ඊට අදාළ තොරතුරු සොයා බලා අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරන බවට රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර තිබේ.
