ගෑස් මිල වැඩිවීම සියලුම දෙනාට එකසේ බලපාන බවත් , එම මිල ගණන් වැඩි කරන විට රුපියල් 1000 ක් වැනි ප්‍රමාණයකින් වැඩි කරන නමුත් එය අඩු කරන විට අඩු කරන්නේ ඉතා සොච්චම් මුදලකින් බවත් ගෑස් මිල වැඩිවීම පිළිබඳ එක්සත් ජාතික ස්වයං රැකියා ජනබලවේගයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ඔහු සඳහන් කරන්නේ මෙම ගෑස් මිල සංශෝදනයෙන් ලාෆ් ගෑස් සමාගම මහා මංකොල්ලයක් සිදු කරන බවත් , පාලන මිලක් නොමැති වීම හේතුවෙන් රටම අනතුරකට පත්ව ඇති බවත් ය.
මෙම ලාෆ් ගෑස් සමාගම කරන වංචාව නැවැත්විය යුතු බව වෙළඳ අමාත්‍යවරයාට කියා සිටින බවත් ඔහු සඳහන් කරන ලදී .
මෙරටට තව ගෑස් සමාගමක් අවශ්‍ය බවත් , එවිට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල අඩු වන බවත් , මේ නිසා ජනතාව සිටින්නේ ඉතා අපහසුවකින් අමාරුවකින් බවත් ප්‍රදීප් චාල්ස් මහතා ප්‍රකාශ කරන ලදී .
ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ මේ හේතුවෙන් රට තවත් ඉතියෝපියාවක් වන බවත් , සමාජ මාධ්‍ය පනත ගෙනවිත් ජනතාවගේ කටවල් වැසීමට උත්සාහ කරන බවත් , අමාත්‍යවරුන්ගේ වංචා දූෂණ හෙළි වන්නේ ද සමාජ මාධ්‍ය වලින් බවත් ය.
වැඩි දුර තොරතුරු පහත වීඩියෝවෙන් ,
