ශ්‍රී ලංකාව ප්‍රබල ස්ථානයක.

සංචාරක අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ දිවා ආහාරය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායමට ප්‍රබල හිසරදයක් වෙමින් ප්‍රබල ස්ථානයක සිටී.

ශ්‍රී ලංකා ඉනිම අද දිවා ආහාරය වන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 228ක් ලබා ගෙන තිබේ. ඒ අනුව ලකුණු 115ක් ලබා සිටි දිමුත් දිවා ආහාරයට තරගය නතර කිරීමට පෙර පන්දු 2ක් ඉතිරිව තිබියදී කර්ට්ස් කැම්පර් අතට උඩ පන්දුවක් දැවී ගොස් තිබේ.

Exit mobile version