ආගම් භේද පක්ෂ පාට භේද නොමැතිව සියලුම දෙනා එක්වී මාතෘ භූමිය පාලනය කරන ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගැනීමට කටයුතු කරමු යැයි මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූ බව වාර්තා වේ.
ඊයේ (14) ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ සඳහන් කර තිබේ.
“අපේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න අයිතිය ඕනේ. ඒ අයිතිය නැති කරලා අසාධාරණයට ලක්කරලා ත්‍රස්තවාදී කණ්ඩායමක් අද වන විට මේ රට පාලනය කරනවා. මේ අය මිනිස්සුන්ගේ පැත්තේ හිටගෙන නෑ. ඒ නිසා, අපි ජනතාවගෙන් යැපෙන නිසා ජනතාවට කරුණාවෙන් කෘතගුණ සැළකීමක් ලෙස මේ රට පාලනය කරන ත්‍රස්තවාදී කණ්ඩායමෙන් බේරා ගැනීමට අපි මුලපුරනවා.
මහා සංඝරත්නය, සිව්වනක් පිරිස, සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් තුන ඒ වගේම සියලුම ආගමික නායකයන් එකතු වෙලා මේ රට නිදහස් කර ගන්න කටයුතු කරනවා. මේ මංගල අවස්ථාවට සියලු ජනතාවට ආරාධනා කරනවා.”
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්,
