ශ්‍රී ලංකා – ඊශ්‍රායල සෘජු ගුවන් සේවා නුදුරේදීම.

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු මගී ගුවන් සේවය ලබන ඔක්තොම්බර් මස සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව ඊශ්‍රායලයේ තෙල්අවිව් නුවර සිට මෙරට කටුනායක දක්වා ප්‍රථම වරට සෘජු මගී ගුවන් සේවය ආරම්භ කිරීමට නියමිත බවත් , ඒ සදහා ඊශ්‍රායලයේ ” ආකියා ” ගුවන් සේවයට අයත් ගුවන් යානා මෙරටට පැමිණෙන බවත් සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සහ දෙරටේ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 30 වනදා සාකච්ඡාවක් පවත්වා ඇති අතර මීට අදාළ අවබෝධතා ගිවිසුමට ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version