ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරගය අද (14) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ .
කණ්ඩායම් දෙකටම අද (14) තරගය තීරණාත්මක වන අතර ඉන් ජය ගන්නා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබයි. නමුත් යම් හෙයකින් අද (14) තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් අවසන් මහ තරගය සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වේ.
අවසන් මහ තරගය ලබන 17 වන දින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
