විදුලි මීටර් අපනයනය කරන්න ලංකාව සූදානමින්

ඉදිරියේදී ශ්‍රී ලංකාවට විදුලි මීටර් අපනයනය කිරීමට හැකිවන බවත් , මෙරට විදුලි මීටර් අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ඇන්ටි ලෙකෝ විදුලි මීටර් සමාගමට හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම ඇන්ටි ලෙකෝ විදුලි මීටර් සමාගම සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවත් , ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට අවශ්‍ය වන එකලා විදුලි මීටර් 250,000ක ප්‍රමාණයක් වාර්ෂිකව එම සමාගම විසින් නිපදවන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙම වර්ෂයේ පටන් ඇන්ටි ලෙකෝ විදුලි සමාගම සිය නිෂ්පාදන සේවාවන් පුළුල් කර තෙකලා විදුලි මීටර් සහ සුහුරු විදුලි මීටර් නිෂ්පාදනය ආරම්භ කරන බවත් , එකලා විදුලි මීටර් , තෙකලා විදුලි මීටර් සහ සුහුරු විදුලි මීටර් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේ හැකියාව ලැබෙන බවත් අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version