ලංකාව රනින් බැබළෙයි.

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අද (16) පැවති 4 × 400 පිරිමි සහය දිවීම තරගයෙන් ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානය දිනාගත් බව වාර්තා වේ.

ඒ 03:01:56 ක කාලයක් සටහන් කරමිනි.

එමෙන්ම අද ( 16 ) දිනයේ පැවති තරගවලින් 800 කාන්තා ධාවන තරගයෙන් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ද , 400 ×4 කාන්තා සහය දිවීම තරගයෙන් රිදී පදක්කමක් ද ශ්‍රී ලංකාව විසින් හිමි කරගත් බව වැඩි දුරටත් සදහන් වේ.

Exit mobile version