ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට.

2023 ආසියානු කුසලානයේ ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (01) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පාකිස්තානය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, නිලධාරීන් ඇතුළු 26 දෙනෙකුගෙන් යුතු පිරිසක් මේ සඳහා එක් වී සිටි බව සඳහන්.

ඔවුන් කටුනායක ගුවන් තොටුපොළෙන් පාකිස්තානයේ ලාහෝර් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් -141 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය එළැඹෙන 05 වනදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බව සඳහන්.

Exit mobile version