ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඔපනන්වාලීම සඳහා උපරිම සහය ලබා දෙන බව චීන විදේශ අමාත්‍ය කුඉන් ගැන්ග් මහතා , මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ ඊයේ ( 25) පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම සහයෝගීතාව පිළිබඳ ආදර්ශයක් සපයමින් චීනය කටයුතු කරන බව ගැන්ග් මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
