ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ ට.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම සිම්බාබ්වේ බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

ඒ අනුව අද (10) අලුයම 03.15 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.649 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය අතර එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපොළ කාර්‍යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version