විදේශ රටකදී ලාංකික පිය පුතු ජීවිතක්ෂයට .

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් හීදී දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික පියෙකු හා ඔහුගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් තවත් පිරිසක් සමග ඕස්ට්‍රේලියාවේ උතුරු ක්වින්ස්ලන්ඩ් හි දිය ඇල්ලක් නැරඹීමට ගොස් තිබේ.

එහිදී දිය නාමින් සිටියදී පියා ජලයේ ගසාගෙන යන විට පුතු සහ දියණිය ඔහු බේරාගැනීමට යාමේදී තිදෙනාම දියේ ගිලී තිබේ.

කෙසේහෝ දියණිය දිවි බේරාගෙන ඇති මුත් පිය පුතු දෙපළ ජීවිතයෙන් සමුගෙන තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 59ක් සහ අවුරුදු 21 ක් වූ පුද්ගලයන් දෙදෙනෙකි.

Exit mobile version